Friday, January 24, 2014

දවල්ටත් පත්තු කරන් යෑම (DRL)

       ඊයෙ පෙරේද ඉදන් කතාබහට ලක්උන අලුත් මාතෘකාවක් තමයි මේ දිවා කාලයෙත් මෝටර් සයිකල් වල ප්‍රධාන ලාම්පුව (සිංහලෙන් කියනවනම් හෙඩ් ලයිට් එක :D ) දවල්ටත් පත්තු කරන් යන්න කියල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීම.මේක ඉල්ලා සිටිනවා කියල කිව්වට තව ටික දවසකින් ඕකටත් දඩයක් ගහයිද කියන්ඩ බෑ, පොලිස් බාප්පල කොයිවෙලෙත් බලාන ඉන්නෙ මොකාටහරි දඩයක් ගහන්නනේ (ලංකාවෙ නෙමේ ඈ ඇමරිකාවෙ :D )

      ඇත්තටම මේ දවල්ටත් හෙඩ් ලයිට් එක පත්තු කරන් යන්න කියන එකේ පරමාර්තය තමා පාරෙ යන වාහන හා පදිකයන්ට මෝටර් සයිකලය දර්ශනය වීම වැඩි කිරීම.එයට හේතුව තමා අප ඉදිරියෙන් එලියක් විහිදෙන විට අපවිසින් ඒ වෙත අවධානය යොමුවීම නිරායාසයෙන්ම සිදුවීම.අනික මෝටර් සයිකලයක් වැඩි කුඩා දෙයක් ඈත සිට පැමිනෙන විට හදුනාගැනීම අපහසුයි ඒත් හෙඩි ලයිට් එක පත්තු කරල තියනවිට එය මෝටර්සයිකලයක් කියල අපිට දුරතියාම හදුනාගන්න පුලුවන්.

       මේ ක්‍රමය ගොඩක් රටවල බාවිතා කරන දෙයක්, ඒනිසා තමා Daytime Running Lamp (DRL) සහිතව සමහර වාහන නිෂ්පාදනය වෙන්නෙ.සමහර රටවල් මෙය භාවිතා කරන්නේ හිම පතනය වන කාලයේදී හා මීදුම සහිත වෙලාවන් වලදී වාහන හදුනාගැනීම පහසුවෙන්න.


       ලංකාවෙ මේ ක්‍රමය පටන් ගන්න කලින් ඉදලම දවල්ට මෝටර් සයිකල් වල ලයිට් දාගෙන යන දෙපිරිසකුත් හිටියා, ඒ තමයි ඔන් ලයිට් මෝටර් සයිකල් තියන අය හා ඇඩ් එකට ලයිට් පත්තු කරන් යන අය.ඔය ඇඩ් එකට ලයිට් පත්තුකරන් යන ලෙඩේ ගොඩක් තිබ්බෙ ඔය ලොකු ලොකු බයිසිකල් තියන උන්දලාට තමා.හැබැයි දැන් කට්ටියම ලයිට් පත්තු කරන් යන නිසා උන්දලාට තිබ්බ ඒ ලයින් එකත් දැන් නැති වෙලා යනවා :D

8 comments:

  1. පයින් යන අපි වගෙ උන්ටත් දවල් කාල්දි 'පුංචි ටීචගෙ පුංචි ටෝච්' එක වගේ එකක් පත්තු කරන් යන්න කිවුවොත් තමා නියම.

    ReplyDelete
    Replies
    1. අඩේ ඒකත් මරු අදහස ඈ...

      Delete
  2. අපිටත් කෑලි හයේ ටෝච් එකක් අරගෙන පාරේ යන්න වෙයිද දන්නේ නෑ..

    ගොන් හරක් තීරණ.. බස් අයිතිකාරයන්ගෙන් ජරාව කාලා, උන් පාරේ දකුණු පැත්තෙන් පිඹගෙන ගියත් කිසි අවුලක් නෑ.. උන්වයි අල්ලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. රජය කවද්ද අයියෙ වැඩක් ඇති වැඩක් කලේ...

      Delete
  3. පන්දම් ටිකක් පත්තු කරන් ගියානම් හරි...මුන්ට මොකද වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උන් කරන්නෙ අපිට ඔය වගේ බයිල ගහන්න දෙයක් සෙට් කරල රටේ ප්‍රශ්න අපිට අමතක කරන්න හදන එක :D

      Delete
  4. අපි අනතුරු අඩු කරගන්න තව යෝජනාවක් ගේමුද?

    සියලු වාහන හෝන් නාද කර ගෙන යා යුතුය.
    එහි ශබ්ද මට්ටම ඩෙසිබල් 130 හෙවත් වේදනා සීමාන්තකය ඉක්මවිය යුතුය.

    ජූලම්පිටිය වැනි මැරයින්ට සයිකල් වලින් පැමිණ වෙඩි තබා පැන යන තෙක් කිසිවෙක් දැක්කේ නැත්තේ ලයිට් දමා තිබූ නැති නිසා.

    ReplyDelete
    Replies
    1. මරුවට තියෙයි එහෙනම් :D

      Delete