Sunday, January 26, 2014

නිලි පාර්ලිමේන්තුවට ඇරයුම්

ගයේෂ මෙන්න උබට නොම්බරේ
ඡන්දෙට බහිමු නොදා බරබරේ
ශිරානි ඇද්දත් මට ජරමරේ
අපි දෙන්නා නිදියමු මගේ කාමරේ

අනර් නංගි එදා ඉදන් හරි හොදා
පබත් එන්න මගෙ පැත්තට හැඩදමා
රනිල් ගොයිය එදා ඉදන් මහ කුණා
ප්‍රභා එක්ක ඉඳන් ගැහුවෙ රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්

එන්න ගීතො එන්න ගීතො නැගිටලා
මෙන්න නංගි මෙන්න නංගි රස කතා
හැම් බේකන් මෙන්න කන්න
ෂැම්පේන් වක්කරල ගන්න
එන්න නංගි එන්න නංගි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් බයිල කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
බල ඇතිතෙක් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්

කව්රු කොහොම කිව්වත් නෑ ඇතිවැඩේ
අපිනෙ උබල බාරගන්නෙ අන්තිමේ
යූඑන්පිය ඇද්දත් මට හුටපටේ
උබලට ඇත මගෙ බුක්තිය මේ රටේ
(පොටෝව ඉස්සුවේ බුකියෙන්)

Friday, January 24, 2014

දවල්ටත් පත්තු කරන් යෑම (DRL)

       ඊයෙ පෙරේද ඉදන් කතාබහට ලක්උන අලුත් මාතෘකාවක් තමයි මේ දිවා කාලයෙත් මෝටර් සයිකල් වල ප්‍රධාන ලාම්පුව (සිංහලෙන් කියනවනම් හෙඩ් ලයිට් එක :D ) දවල්ටත් පත්තු කරන් යන්න කියල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීම.මේක ඉල්ලා සිටිනවා කියල කිව්වට තව ටික දවසකින් ඕකටත් දඩයක් ගහයිද කියන්ඩ බෑ, පොලිස් බාප්පල කොයිවෙලෙත් බලාන ඉන්නෙ මොකාටහරි දඩයක් ගහන්නනේ (ලංකාවෙ නෙමේ ඈ ඇමරිකාවෙ :D )

      ඇත්තටම මේ දවල්ටත් හෙඩ් ලයිට් එක පත්තු කරන් යන්න කියන එකේ පරමාර්තය තමා පාරෙ යන වාහන හා පදිකයන්ට මෝටර් සයිකලය දර්ශනය වීම වැඩි කිරීම.එයට හේතුව තමා අප ඉදිරියෙන් එලියක් විහිදෙන විට අපවිසින් ඒ වෙත අවධානය යොමුවීම නිරායාසයෙන්ම සිදුවීම.අනික මෝටර් සයිකලයක් වැඩි කුඩා දෙයක් ඈත සිට පැමිනෙන විට හදුනාගැනීම අපහසුයි ඒත් හෙඩි ලයිට් එක පත්තු කරල තියනවිට එය මෝටර්සයිකලයක් කියල අපිට දුරතියාම හදුනාගන්න පුලුවන්.

       මේ ක්‍රමය ගොඩක් රටවල බාවිතා කරන දෙයක්, ඒනිසා තමා Daytime Running Lamp (DRL) සහිතව සමහර වාහන නිෂ්පාදනය වෙන්නෙ.සමහර රටවල් මෙය භාවිතා කරන්නේ හිම පතනය වන කාලයේදී හා මීදුම සහිත වෙලාවන් වලදී වාහන හදුනාගැනීම පහසුවෙන්න.


       ලංකාවෙ මේ ක්‍රමය පටන් ගන්න කලින් ඉදලම දවල්ට මෝටර් සයිකල් වල ලයිට් දාගෙන යන දෙපිරිසකුත් හිටියා, ඒ තමයි ඔන් ලයිට් මෝටර් සයිකල් තියන අය හා ඇඩ් එකට ලයිට් පත්තු කරන් යන අය.ඔය ඇඩ් එකට ලයිට් පත්තුකරන් යන ලෙඩේ ගොඩක් තිබ්බෙ ඔය ලොකු ලොකු බයිසිකල් තියන උන්දලාට තමා.හැබැයි දැන් කට්ටියම ලයිට් පත්තු කරන් යන නිසා උන්දලාට තිබ්බ ඒ ලයින් එකත් දැන් නැති වෙලා යනවා :D

Wednesday, January 15, 2014

ආයුබෝවන් මචං

       න්න ඉතින් සිංහයත් දෙයියනේ කියල බ්ලොගක් අටෝගත්ත, මේ තමයි ආරම්භක පෝස්ටුව.ඉතින් සිංහයගෙ අඩවියට එන මගෙ යාළුවන්ට මුලින්ම කියන්න තියෙන්නෙ දිගටම මාත් එක්ක රුදිල ඉන්න කියල තමා.මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.

         මුල්ම පෝස්ටුව කියල මුකුත් නොලිය ඉන්නත් බෑනෙ ඉතින් මන් මේ අද කියන්න කියල හැදුවෙ මට මේ ලගදි අහන්න ලැබුනු දෙයක් ගැන.ඒ තමා අපි කවුරුත් නිතර දෙවේලේ පාවිච්චි කරන "මචං" කියන වචනය.අපි අපේ යාළුවන්ට කොච්චර ඔය වචනෙන් කතා කලත් අපි තාම ඔය වචනය අපි අතරට ආපු විදිහ දන්නෙ නෑනෙ.දැන් මන් කියන්න හදන්නෙ ඒ ගැන තමා.හැබැයි ඉතින් මේක 100%ක් නිවරදිද කියන්න මන් දන්නෙ නෑ, මට අහන්න ලැබුන විදිහටනම් ඉංග්‍රීසි භාෂාවේ "My Chum" කියන එක තමා අපේ අය ඔය මචන් කියල හදාගෙන තියෙන්නෙ."චම්" කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ යහළුවට ඉතින් මයි චම් කියන එකෙන් අදහස් වෙන්නෙ මගේ යාළුවා කියන එකනෙ.ඉතින් ඒක අපේ අය සිංහලෙන් කෙටි කරල මචං කියල කියන එකෙත් වැරුද්දක් නෑ, මොකද අපි මචං කියන්නෙත් අපේ යාළුවන්ටනෙ.දැන්නම් ඉතින් මචං එක තව තව වෙනස් වෙලා මචා කියනවා මචෝ කියනවා කෙල්ලෙක්නම් සමහරු මචී කියනවා, ගොඩක් අයට කියනවනම් මචන්ලා කියනවා.ඔය කොහොම කිව්වත් මචං කියන එකේ උපත "මයි චම්" කියන තර්කය හැමඅතින්ම අපිට පිළිගන්න පුලුවන්.ඒකෙ වැරුද්දක් තියනවනම් හෝ වෙනස් අදහසක් තියනවනම් ඒ ගැන කමෙන්ට් කරන්න කියල මන් මචන්ලගෙන් ඉල්ලා සිටිනවා.එහෙනම් මම අදට නවතිනවා ඔයාල ඔක්කෝටම පින්බර දුරුතු පොහොය දිනක් වේවා කියන ප්‍රාර්ථනයත් සමගින්.

ප.ලි : ඉන්දික විසින් සදහන් කලා දෙමල භාෂාවෙන් මචං කියන්නෙ "මස්සිනාට" කියල, ඇත්තෙන්ම මාත් ඒක දැනුයි දැනගත්තෙ මා නිවරදි කලාට ස්තූතියි ඉන්දික.