Sunday, January 26, 2014

නිලි පාර්ලිමේන්තුවට ඇරයුම්

ගයේෂ මෙන්න උබට නොම්බරේ
ඡන්දෙට බහිමු නොදා බරබරේ
ශිරානි ඇද්දත් මට ජරමරේ
අපි දෙන්නා නිදියමු මගේ කාමරේ

අනර් නංගි එදා ඉදන් හරි හොදා
පබත් එන්න මගෙ පැත්තට හැඩදමා
රනිල් ගොයිය එදා ඉදන් මහ කුණා
ප්‍රභා එක්ක ඉඳන් ගැහුවෙ රා පෙරා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්

එන්න ගීතො එන්න ගීතො නැගිටලා
මෙන්න නංගි මෙන්න නංගි රස කතා
හැම් බේකන් මෙන්න කන්න
ෂැම්පේන් වක්කරල ගන්න
එන්න නංගි එන්න නංගි නැගිටලා

එන්න නංගි එන්න නංගි හැඩදමා
එළිවෙනකම් බයිල කියමු රොක් වෙලා
ලෝකෙ තියෙන හොඳම සොමිය
බල ඇතිතෙක් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක් වෙලා

රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්
රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රජ සැප බන්

කව්රු කොහොම කිව්වත් නෑ ඇතිවැඩේ
අපිනෙ උබල බාරගන්නෙ අන්තිමේ
යූඑන්පිය ඇද්දත් මට හුටපටේ
උබලට ඇත මගෙ බුක්තිය මේ රටේ
(පොටෝව ඉස්සුවේ බුකියෙන්)

23 comments:

  1. හි හි රපට ඩපඩ රපට ඩපඩ

    නිර්මානේ ලස්සනයි ,, ඒත් නිලියෝ පාර්ලිමේන්තුවට ඉල්ලුවට මොකද අනේ වෙන්නේ ,ඔතන ඉන්නේ ඔක්කොම එයාලට ගැලපෙන සෙට් එකනේ...අනිත් අය පිරිමි කියලා ආයේ මේ හොද මිනිස්සුද... හොදම වැඩේ තමයි ඕකුන් ඔක්කොම වැඩිම මනාප වලින් ඕකට යවලා .. මහා රජා ඇතුළු සෙට් එකම ඉන්න පාර්ලිමේන්තුව හවුස් ෆුල් දවසක් බලලා දියවන්නාවට උඩින් ඔක්කොම කුඩුවෙලා යන්න බෝම්බයක් අතාරින එක,, ඊට පස්සේ අපි අලුතින් පටන් ගමු .

    ReplyDelete
    Replies
    1. ඉතින් හදමු අපි අලුත් රටක්
      මහින්ද නොමැති දැයක් :D

      Delete
    2. අම්බෝ මේකිට කේන්ති ගිහින් තියන තරම....

      Delete
    3. රටට තියන ආදරේ වැඩි වෙලා :D

      Delete
    4. kenji are you kidding me ඉදගෙන ????

      Delete
    5. කෙන්ජියට සුද්දගෙ බාසාවෙන් බනින්න එපා :D

      Delete
    6. හැක්...හැක්...දැනුයි දැක්කෙ මචෝ....

      @ ඩල්සි...හිටගෙන අම්මියෝ...

      Delete
  2. ඊඨ පස්සෙ අර පාදේසිය සබා වල ඉන්න අය ටික පාර්ලිමේන්තු යාවි..හිහි.

    ReplyDelete
    Replies
    1. පාදේසීය සබා වලට යවන්නෙ මොඩල්ස්ල ටික බන් :D

      Delete
  3. මට තියෙන ප්‍රශ්ණේ දැන් ඉන්න හරක්ගෙයි නිළියනගෙයි තියෙන වෙනස මොකක්ද කියන එක..

    ReplyDelete
    Replies
    1. උම්බෑ කියන්නැති එක විතරයි :D

      Delete
  4. අනේ මන්ද බං...
    ලියවිල්ල උපරිමේ..
    බලමු පස්සෙ නේද මචෝ...

    ReplyDelete
  5. එළ සිංහයො. මාත් මේ පාර කොහොම හරි ඉල්ලනවා. හි… හි…

    ReplyDelete
    Replies
    1. චීත්ත ගවුමක් එහෙම ඇදල කොණ්ඩෙත් ගොතල ආවනම් මහිය චාන්ස් එකක් දෙයි :D

      Delete
  6. මෙච්චර කල් නොදුන්න ඡන්දේ මේ පාර දෙන්නම ඕන..

    ReplyDelete
  7. ගොන් රුව රැගත් මැතිවරන දැන්වීම් ගොන්නු උලා කති.
    නියම පබැඳුම.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ස්තූතියි :D

      Delete
  8. හැබෑට නිලියන්ට දේශපාලනේ තහනංද???

    ReplyDelete
  9. පස්ටයි සිංහයෝ....ඔය නිලියෝ ඉල්ලුව කියලා තියෙනවට වඩා නරක්වෙන එකක් නැතිවෙයි මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. අපිට උන්ගෙ කෝලම් බලලවත් සැනහෙන්න බැරියෑ...

      Delete