Thursday, February 13, 2014

ෆ්‍රී ඉන්ටනෙට්

මෙන්න දැන් ලැබුනු වීශේෂ පුවතක්!!!
        අද උදෑසන නිකුත් කරනලද ගූගල් ආයතනය සිදුකල නවතම සමීක්ෂණ වාර්තා පවසන අන්දමට මෙම වර්ෂයේ ගූගල්හි "SEX" යන වචනය වැඩියෙන්ම සර්ච් කල රට ලෙසට ශ්‍රී ලංකාව සොයාගෙන ඇති බවයි.ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ "SEX" වචනයට අමතරව "වැල" යන වචනයද වැඩියෙන්ම සර්ච් කල වචන ලයිස්තුවට ඇතුලත් බවයි.අප මේ පිලිබද ජනාධිපති හා විදුලි සංදේශ අමාත්‍යතුමන් වන අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් අදහස් වීමසීමේදී ඔහු කියා සිටියේ අප රජය විසින් ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදුන්නේ ජනතාවගේ දැනුම් මට්ටම පුලුල් කිරීමට බවත්, ලිංගික අධ්‍යාපනයද අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය කරුණක් බවත්ය.

ඊට අමතරව අප පාසල් සිසුන්ගෙන් හා තරුණ ප්‍රජාවගෙන් අදහස් විමසීමේදීද ඔවුන් පැවසුවේ මෙවන් අදහසක්,

පාසල් සිසුවෙක් - ඇත්තෙන්ම ජනාධිපතිතුමා මේ කරපු සත්කාර්ය අපි ඉහලින්ම අගය කරන්න ඕන.දැන් අපිට අන්තර්ජාලය රිසිසේ බාවිතා කරල අපේ දැනුම වැඩි කරගන්න පුලුවන්.මට ජනාධිපතිතුමාගෙන් තවත් එක ඉල්ලීමක් කරන්න තියෙනවා, ඒ තමයි විදුලි ඒකකයක මිල පහත දාන ලෙස, ඒ මොකද කියනවනම් නොමිලේ ඉන්ටනෙට් ලබාදීම නිසා අපි වැඩියෙන් පරිගණකය බාවිතා කරද්දි විදුලි බිල වැඩිවන නිසා.

විශ්ව විද්‍යාල සිසුවෙක් - ඇත්තෙන්ම ජනාධිපතිතුමා මේ කරපු සත්කාර්ය අපි ඉහලින්ම අගයන්න ඕන.අපේ සියලුම ශිෂ්‍ය සමිති තීරණය කරලා තියනවා දිගටම ජනාධිපතිතුමා ඇතුලු රජයට හැකි සෑම ආකාරයකින්ම සහයෝගය දක්වන්න.දැන් අපිට අන්තර්ජාලය ඇතිතරම් බාවිතා කරල අපේ දැනුම වැඩි කරගන්න පුලුවන්.මට ජනාධිපතිතුමාගෙන් තවත් එක ඉල්ලීමක් කරන්න තියෙනවා, ඒ තමයි හැකි තාක් පරිගණක හා ලැප්ටොප් හාඩ්ඩිස්ක් වල මිල පහත දැමීමට ක්‍රියාකරන ලෙස, ඒ මොකද නොමිලේ ලැබෙන ඉන්ටනෙට් නිසා අපේ ඩවුන්ලෝඩ් කිරීම් වැඩිවෙලා ඉක්මනට හාඩ් එක ෆුල් වෙනවා, ඉතින් අඩු මිලට හාඩ් ලබාදුන්නොත් අපිට පුලුවන් වැඩි ධාරිතාවයකින් යුත් හාඩ් මිලදී ගන්න.

      අප මේ පිලිබද එක් සන්නිවේදන ආයතනයකින් අදහස් විමසීමේදි ඔවුන් කියා සිටියේ දැනටමත් ඔවුන් තම සමාගමේ සේවාවන් නවතා දමා තම රටට යෑමට සූදානම් වන බවයි.එයට හේතුව ලෙස ඔවුන් කියා සිටියේ රජය විසින් නොමිලේ ඉන්ටනෙට් ලබාදීම නිසා ඔවුන් දැඩි ලෙස පාඩුලබන බවත්ය.

5 comments:

  1. මහින්දත් මේවා ආදර්ශෙට ගත්තොත් ඇති.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලංකාව ලෝකෙම අයිස්චර්ය වෙයි බන්.

      Delete
  2. අනුරත් ඇමති කෙනෙක් වෙන්න යනවද ?
    මම හිතුවෙ නායකයා වුන ගමන් කිව්ව කතා වලට ඊ ලග පාර අගමැති වෙයි කියල .

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ජනාධිපති පුුටුවට බහින්නෙ....

      Delete
  3. කවුද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නෙ අපිටත් කියන්නකො..

    ReplyDelete