ඔන්න ඉතින් සිංහයත් දෙයියනේ කියල බ්ලොගක් අටෝගත්ත, මේ තමයි ආරම්භක පෝස්ටුව.ඉතින් සිංහයගෙ අඩවියට එන මගෙ යාළුවන්ට මුලින්ම කියන්න තියෙන්නෙ දිගටම මාත් එක්ක රුදිල ඉන්න කියල තමා.මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා.
මුල්ම පෝස්ටුව කියල මුකුත් නොලිය ඉන්නත් බෑනෙ ඉතින් මන් මේ අද කියන්න කියල හැදුවෙ මට මේ ලගදි අහන්න ලැබුනු දෙයක් ගැන.ඒ තමා අපි කවුරුත් නිතර දෙවේලේ පාවිච්චි කරන "මචං" කියන වචනය.අපි අපේ යාළුවන්ට කොච්චර ඔය වචනෙන් කතා කලත් අපි තාම ඔය වචනය අපි අතරට ආපු විදිහ දන්නෙ නෑනෙ.දැන් මන් කියන්න හදන්නෙ ඒ ගැන තමා.හැබැයි ඉතින් මේක 100%ක් නිවරදිද කියන්න මන් දන්නෙ නෑ, මට අහන්න ලැබුන විදිහටනම් ඉංග්රීසි භාෂාවේ "My Chum" කියන එක තමා අපේ අය ඔය මචන් කියල හදාගෙන තියෙන්නෙ."චම්" කියල ඉංග්රීසියෙන් කියන්නෙ යහළුවට ඉතින් මයි චම් කියන එකෙන් අදහස් වෙන්නෙ මගේ යාළුවා කියන එකනෙ.ඉතින් ඒක අපේ අය සිංහලෙන් කෙටි කරල මචං කියල කියන එකෙත් වැරුද්දක් නෑ, මොකද අපි මචං කියන්නෙත් අපේ යාළුවන්ටනෙ.දැන්නම් ඉතින් මචං එක තව තව වෙනස් වෙලා මචා කියනවා මචෝ කියනවා කෙල්ලෙක්නම් සමහරු මචී කියනවා, ගොඩක් අයට කියනවනම් මචන්ලා කියනවා.ඔය කොහොම කිව්වත් මචං කියන එකේ උපත "මයි චම්" කියන තර්කය හැමඅතින්ම අපිට පිළිගන්න පුලුවන්.ඒකෙ වැරුද්දක් තියනවනම් හෝ වෙනස් අදහසක් තියනවනම් ඒ ගැන කමෙන්ට් කරන්න කියල මන් මචන්ලගෙන් ඉල්ලා සිටිනවා.එහෙනම් මම අදට නවතිනවා ඔයාල ඔක්කෝටම පින්බර දුරුතු පොහොය දිනක් වේවා කියන ප්රාර්ථනයත් සමගින්.
ප.ලි : ඉන්දික විසින් සදහන් කලා දෙමල භාෂාවෙන් මචං කියන්නෙ "මස්සිනාට" කියල, ඇත්තෙන්ම මාත් ඒක දැනුයි දැනගත්තෙ මා නිවරදි කලාට ස්තූතියි ඉන්දික.
ජය වේවා මචං.. සුබ ගමන්.. සුබ අනාගතයක්... :D
ReplyDeletesetting ගිහින් post and comment ගිහින් word verifications no කරහන් :D
තෑන්ක්ස් මචෝ :)
Deleteසුභ පතනවා බන්. අපිත් එනවා හැමදාම එහෙනම් ඔන්න
ReplyDeleteතෑන්ක්ස් මචන් :)
Deleteදිගටම ලියන්න ,, ජයවේවා
ReplyDeletedesign-->setings--->post and coment---> word verifications ඔයාගේ yes ඇති no කරන්න
කොමෙන්ට් කරන්න පහසුයි එතකොට
තෑන්ක්ස් මචන් :)
Deleteදිගු ගමනක් යාමට සුභ පැතුම් මචෝ.....!
ReplyDeleteතෑන්ක්ස් මචන් :)
Deleteමචං,
ReplyDeleteසිංහයෙක් වගේ භය නැතුව හරි වැරද්ද වෙනුවෙන් පෙනී හිටින්න ශක්තිය ඇති කියල හිතනව. නම වගෙම වැඩත් පෙන්නහන්.
මචං කියන්නෙ දෙමළෙන් "මස්සිනා" කියන එකට නේද?
ඉන්දික කිව්වහම තමා මාත් ඒ ගැන හොයල බැලුවෙ, ඔබ හරි, මම ඔන්න ඒක ලිපියට එකතු කලා, ස්තූතියි ඔබට :)
Deleteදිගු ගමනකට ආසිරි!!
ReplyDeleteමචන් කියන්නේ නම් දෙමළ බාසාවෙන් ආපු වචනයක්. මස්සිනාලා එකතු වුනාම ඔය විදිහට කතා කරලා තියෙනවා. මස්සිනාලා මිතුරන් වගේ ෆිට් එකේ ඉඳලා තියෙන නිසා....අපිත් හිතලා තියෙන්නේ මචං කියන්නේ යාළුවා ඇමතීමට කියලා. මොනවා වුනත් මචං කියන්නේ සුන්දර වචණයක්!!
අනිවාරයෙන්ම...මචං කියන්නෙ පට්ටම වචනයක් තමා....ස්තූතියි :)
Deleteමමත් දන්න විදියට මචං ඇවිත් තියෙන්නේ දමළෙන්. ඉස්සර අපේ පන්තියේ එකෙක් උන්නා, තමිල්නාඩු සම්බවයක් තියෙන. ඌ ඔක්කෝටම කියන්නේ මච්චාන්..
Deleteමිනිහ යාළුවො අතරින්ම කෙනෙක් මස්සිනා කරගන්න හැදුවද දන්නෑ :D
Deleteඑල එල මචං ... :D
ReplyDeleteස්තූතියී ඈ මචෝ FB එකේ දුන්න පබ්ලිසිටි එකට.. :)
Deleteඅප්පච්චියේ.. සුබ පැතුම් ඈ... සාදරයෙන් පිළිගන්නවා. මචං කියන්නේ My Chum කියන එක තියලා මමත් අහලා තියෙනවා. මස්සිනාටත් මචං කියනවා දෙමළෙන්. ඉතිං අපිට මොකෝ නේද? යාළුවා නං යාළුවා. දැන් ඔය එක එක භාෂාවලින් අම්මා, මමා, මා වගේ කියන්නේ. වැරැද්දක් වෙලා තියේයැ?
ReplyDeleteඒකනෙ ඒ මොන විදිහට කතාකලත් ඒ සුහදත්වය අපිට දැනෙනවනේ....පැමිණියාට ස්තූතියි :)
Deleteසුබ ගමන් මචං.....!!
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. :)
Deleteඑල මචෝ දිගටම යමු ජය වේවා!!!
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. :)
Deleteඑළම තමා දිගු අර්ථවත් ගමනකට සුභ පැතුම් මචං!!
ReplyDeleteබොහොම ස්තූතියි මචං.. :)
Deleteවෙලක්ම් කිව්වා මචං. මගින් බහින්නේ නැතිව දිගටම යන එක තමයි අභියෝගේ මචං..
ReplyDeleteඅනිවාර්යෙන්ම බැදගත්ත බෙරේ කොහොමහරි දිගටම ගහන් යනව අයියේ...ස්තූතියි :)
Delete